මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි හයක් ඊයේ (30) දිනයේ ලැබී ඇති බව පොලිසිය දැනුම් දෙනවා.
එලෙස ලැබුණු පැමිණිලි අතර මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක් ද වාර්තා වී ඇති බවයි.
කළුතර, අගලවත්ත පොලිස් වසමේ දී බැන තර්ජනයකර පහරදීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ මෙම අපරාධමට පැමිණිල්ල ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ අනෙක් පැමිණි පහ; මහනුවර – තලාතුඔය, මොණරාගල – තණමල්විල, කළුතර – අලුත්ගම, මාතලේ සහ මාතලේ – ගලේවල යන ප්‍රදේශවලින් අර්ථ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1