AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ ආරක්ෂාව ගැන සාකච්ඡාවකට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට කැඳවයි

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02) දිනයේ කොළඹට කැඳවා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ඒ සඳහා එක්වනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ දිස්ත්‍රික්ක 11ක මැතිවරණ ආරක්ෂක රාජකාරී සඳහා දැනටමත් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි.

අද (02) දිනයේ දී සෙසු දිස්ත්‍රික්ක සඳහා නිලධාරීන් යෙදවීමට නියමිත බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ඊයේ (01) පත්කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?