මැතිවරණ අපේක්ෂකයෙකුගෙන් ප්‍රසිද්ධ පෙළේ රූපවාහිනි සමාගමකට අයත් ආයතනයකට චෝදනාවක් (නිවේදනය)

මෙරට ප්‍රසිද්ධ පෙළේ පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය නාලිකාවක් විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බවට වන චෝදනාවක් දක්වමින් වූ විශේෂ ලිපියක් අධිකාරි අච්චිල්ලාගේ ප්‍රදීප් ප්‍රසන්න අධිකාරි නමැති අයෙකු විසින් ගොනු කරනු ලැබුවා.

පැමිණිලිකරු විසින් සිය ලිපිය මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාට යොමු කරමින් පවසා ඇත්තේ තමන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය යටතේ තරග වදින බවත්; පක්ෂයේ අභ්‍යන්තර ව්‍යූහය සහ පක්ෂයේ අරමුණු පිළිබඳ ව ගැටලුකාරී තත්ත්වයක් මතුවීම සම්බන්ධයෙන් මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ලබාදෙන පුද්ගලයින් සහ පක්ෂයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව පෞද්ගලිකව සොයා බැලීමට කටයුතු කළ බවයි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අපේක්ෂකයෙකු ලෙස ක්‍රියා කළ කාලසීමාවේදී තමන් විවිධ ප්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය සාකච්ඡාවලට සහ ප්‍රචාරණ වැඩසටහන්වලට සම්බන්ධ වූ අතර අපේක්ෂකයෙකු වශයෙන් එම ප්‍රචාරණ කටයුතු සඳහා තමා විසින් යම් මුදලක් ගෙවිය යුතු ද යන්න සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් සිදු කළ බව පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී තමා හට දැනුම්දුන්නේ පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලයිකා මොබයිල් ආයතනය යටතේ මෙහෙයවන බෙන් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් මාධ්‍ය ජාලය සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බවත් එම ගෙවීම් පක්ෂය විසින් සිදු කරනු ලබන බවයි.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා EC/PR/PRE/03/2019; 2019.10.20 දරන ලිපිය හා අංක 2403/20 2024.09.25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසිවලට අනුව මෙම ආකාරයේ අවබෝධතා ගිවිසුම් මගින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි පැමිණිලිකාර පාර්ශ්වය වන ප්‍රදීස් ප්‍රසන්න මහතා සඳහන් කර තිබෙනවා.

2024 වර්ෂයේ ඔක්තෝබර් 26 වැනි දින එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද මැතිවරණ මහා සම්මේලනයේ මාධ්‍ය ආවරණය සහ ප්‍රචාරණ කටයුතු ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය විසින් සිදු කරනු ලැබූ බවත් එම චෝදනාත්මක ලිපියෙහි සඳහන්.

එම සම්මේලනය පැය දෙකහමාරක් පුරා අඛණ්ඩව සජීවීව ආවරණය කිරීමට කටයුතු කළ අතර තමන්ගේ දැනීම අනුව එම සජීවී ආවරණය සම්බන්ධයෙන් නොවැම්බර් මස 03 වැනි දින ස්වර්ණවාහිනී ආයතනය ඇතුළු බෙන් හෝල්ඩින්ග්ස් ආයතන අයත් අනෙකුත් මාධ්‍ය ජාලයන් වෙතට ගෙවීම් සිදු කර නොතිබු බවත් වාර්තා වනවා.

ඒ අනුව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් බෙන් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් මාධ්‍ය ආයතනයක් මැතිවරණ වියදම් නියාමන පනතට සහ මාධ්‍ය නියාමන පනතට පටහැනිව සහ පක්ෂයට අනිසි සහ අසාධාරණ ලෙස ගුවන් කාලය ලබාදීම මගින් මැතිවරණ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය සිය පැමිණිල්ලෙහි සඳහන් කරනවා.

බෙන් හෝල්ඩින්ග්ස් ආයතනයට එරෙහිව යොමු කළ සම්පූර්ණ චෝදනාත්මක ලිපිය පහතින්.

WhatsApp Image 2024 11 06 at 14.51.33
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?