තීන්තවලින් ඡන්ද දායකයාගේ ඇඟිලි සලකුණු කිරීමේ නීතිමය ප්‍රතිපාදන ඉවතට

මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම
මෙරට මැතිවරණ සඳහා වන නෛතික විධිවිධාන යටතේ 2004 වර්ෂයේ සිට පවත්වන ලද මැතිවරණ / ඡන්ද විමසීම්වල දී ඡන්දය සලකුණු කිරීම සඳහා පැමිණෙන ඡන්දදායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර, එම සියලු ඡන්දදායකයින් නොමැකෙන තීන්ත භාවිත කිරීම මඟින් උචිත ලකුණින් සලකුණු කිරීම ද අනිවාර්ය වනවා.

එම කාර්යයන් ද්විත්වයෙන්ම අපේක්ෂා කරනුයේ එක් ඡන්දදායකයෙක් එක් මැතිවරණයකදී එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීමයි.

එකම අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීමට සිදු වීම තුළින් ඡන්ද මධ්‍යස්ථාන වල සිදු කරනු ලබන රාජකාරින්හි කාර්යක්ෂමතාවට බාධාවක් ඇති වන බව මෙන්ම, රජයට අමතර වියදමක් දැරීමට සිදු වන බව නිරීක්ෂණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එබැවින් නොමැකෙන තීන්ත භාවිත කර ජන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන සියලුම මැතිවරණ පනත් වලින් ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි අමාතයවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

ඒ අනුව, පහත සඳහන් නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .

  • 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
  • 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
  • 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
  • (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය.
  • 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30