මැණික්හින්න පොලිස් වසමේ පණ්ඩිත ගම්මැද්ද ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (14) දහවල් වටලා තිබෙනවා.
මැණික්හින්න පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
මෙම වැටලීමේ දී ගණිකා නිවාසයයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ සැකකාරියක් සහ ගණිකා සේවයේ යෙදී සිටි සැකකාරියක් මෙන්ම ගණිකා නිවාසය කළමනාකරණයට සහාය දැක් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන් අවුරුදු 31 හා 34 වයස් වල පසුවන හසලක හා කරඳගොල්ල ප්‍රදේශවල පදිංචිකාරියන්.
මැණික්හින්න පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.