AFC Banner
Empty Ad
Empty Ad

මැගසින් බන්ධනාගාරයේ තාප්පයක් කඩා වැටේ

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ තාප්පයක කොටසක් ඊයේ රාති‍්‍රයේ කඩා වැටී තිබෙනවා. එලෙස කඩා වැටී ඇත්තේ එම බන්ධනාගාරයේ ජේලර් නිවාසවලට පිටුපස තාප්පයක කොටසක්. ඊයේ රාති‍්‍රයේම යුද හමුදාව විසින්, කඩා වැටුණු තාප්ප කොටස තාවකාලිකව තහඩු යොදා ආවරණය කර තිබෙනවා. එමෙන්ම, අදාළ ස්ථානයේ ආරක්ෂාව තර කිරීමයි බන්ධනාගාර ප‍්‍රධානීන් පියවර ගෙන ඇත්තේ.

සිද්ධිය වන අවස්ථාවේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණු සැකකරුවන් 800 ක් පමණ එම බන්ධනාගාරය තුළ ර`දවා සිට තිබෙනවා. කෙසේ වෙතත් ඒ වනවිට ඔවුන් අදාළ වාට්ටුවලට යොමු කර අගුළුලා තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. පැවති වර්ෂාවත් සමග අදාළ තාප්ප කොටස කඩා වැටී ඇති බවත්, එලෙස කඩා වැටී ඇති තාප්පය වසර 80 කට වඩා පැරණි එකක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?