මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් ලබාදෙන ජාතික වැඩසටහන සෙනසුරාදා ඇරඹෙයි (වීඩියෝ)

වයස මාස 6ත් 9ත් අතර දරුවන් සඳහා අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහන ලබන සෙනසුරාදා ආරම්භ කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

කොවිඩ් ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2021 හා 2022 වසර වලදී එන්නත්කරණයට නිසි පරිදි යොමු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මෙරටින් සරම්ප රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කළා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳ වසංගත රෝග විද්‍ය අංශය පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද සෞඛ්‍ය පරිපාලකයින් නිසි අවධානයක් යොමු නොකළ බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරනවා.

මීට වසර 4කට පමණ පෙර සරම්ප රෝගය මෙරටින් තුරන් කෙරුණා. කෙසේ වෙතත් ආගමික විශ්වාස සහ ඇදහිලි හේතුවෙන් ඇතැම් පාර්ශ්ව එන්නත්කරණ වැඩසටහනට යොමු වීමේ මැලිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?