මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් ලබාදෙන ජාතික වැඩසටහන සෙනසුරාදා ඇරඹෙයි (වීඩියෝ)

වයස මාස 6ත් 9ත් අතර දරුවන් සඳහා අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහන ලබන සෙනසුරාදා ආරම්භ කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

කොවිඩ් ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2021 හා 2022 වසර වලදී එන්නත්කරණයට නිසි පරිදි යොමු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මෙරටින් සරම්ප රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කළා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳ වසංගත රෝග විද්‍ය අංශය පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද සෞඛ්‍ය පරිපාලකයින් නිසි අවධානයක් යොමු නොකළ බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරනවා.

මීට වසර 4කට පමණ පෙර සරම්ප රෝගය මෙරටින් තුරන් කෙරුණා. කෙසේ වෙතත් ආගමික විශ්වාස සහ ඇදහිලි හේතුවෙන් ඇතැම් පාර්ශ්ව එන්නත්කරණ වැඩසටහනට යොමු වීමේ මැලිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34