මාස 6ක් විදුලිය මිලදී ගන්න අවසර

මාස 6ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ යි මෙම අනුමැතිය ලබා දී ඇත්තේ.

ඒ අනුව ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ හෙට (18) සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

එම කොන්දේසි 3 පහතින්..

  1. කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදු කළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් සිදු කළ යුතු ය.
  2. කොත්මලේ පොල්පිටිය 220 kv රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රිය කල යුතු ය.
  3. අවම පිරිවැය මත පදනම් ව මෙම විදුලිය මිලදී ගැනීම සිදු කළ යුතු ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?