මාස හතරකට ඩීසල් නැව් තොග 04ක් මිලදීගන්න කැබිනට් අනුමැතිය

ඉදිරි මාස හතක කාලය තුළ ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

2023-11-01 සිට 2024-02-29 දක්වා කාලය තුල ඛණිජතෙල් නීතිගත සංස්ථාවට ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලින කොන්ත්‍රාත් ක්‍රමවේදය යට‍තේ ලංසු කැඳවා තිබුණා.

ඒ, අනුව සමාගම් පහක් ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වුණේ.

එලෙස ලංසු ඉදිරිපත්කර තිබූ සමාගම්වලින් petrochina international (singapore) සමාගම වෙත එම කොන්ත්‍රාත්තුව ලබාදීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුවයි මෙලෙස ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?