AFC Banner
Empty Ad
Empty Ad

මාස පහකට පසු කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටියි

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් මාස පහකට පමණ පසු පළමුවරට අද (15) ප්‍රසිද්ධයේ මහජන උත්සවයක් සඳහා සහභාගී වුණා.

පිළිකාවක් හේතුවෙන් ජනවාරියේ ශල්‍ය කර්මයකට භාජනය කළ කේට් කුමරිය පසුගිය කාලය තුළම ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ චාල්ස් රජුගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන “Trooping the Colour” නැමැති හමුදා පෙළපාලිය සඳහා කේට් කුමරිය අද මෙලෙස එක්ව සිටි බවයි.

මෙම අවස්ථාවට ඇයගේ දරුවන් තිදෙනා ද සහභාගීව සිටි බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ සුදු පැහැති ඇඳුමකින් සැරසුනු 42 හැවිරිදි කේට් කුමරිය සහ දරුවන් තිදෙනා අශ්ව කරත්තය නැඟ මෙම විශේෂිත හමුදා පෙළපාලියේ ගමන් කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?