AFC Banner
Empty Ad
Empty Ad

මාස දෙකහමාරක් තුල මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් පාර්සල් 54ක්

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ මැගසින් බන්ධනාගාර තාප්පයට ඉහළින් නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයට දැමූ පාර්සල් 54ක් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් පසුව මෙම පාර්සල් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන්.

ඒ අනුව, ජංගම දුරකථන 47ක්, සිම්කාඩ් 22ක්, ජංගම දුරකථනවලට යොදන බැටරි 57, චාජර් 13ක් එහිදී සොයා ගෙන තිබෙනවා.

ඊට අමතරව, හෙරොයින් පැකට් 16ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 09ක්, ගංජා පැකට් 37ක් සහ දුම්කොළ 569ක් සොයා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, දුම්වැටි 71 ක්, ලයිටර් 14 ක්, බීඩි 7ක් සහ මිලිලීටර් 400 යේ මත්පැන් බෝතලයක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබුණා.     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?