AFC Banner
AFC Banner
Empty Ad

මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් වන සැකකරු රුපියල් ලක්ෂ 20ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති අතර සැකකාර සභාපතිවරයාගේ රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සභාපතිවරයා ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගන්නා අවස්ථාවේ මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම නගරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගොඩනැගිල්ලක සැලැස්මක් අනුමත කිරීමටයි ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?