මාලු ව්‍යාපාරිකයකු තිදරු මව පැහැරගෙන මාස හයක් තිස්සේ රඳවාගෙන

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

මාලු ව්‍යාපාරිකයාගේ තර්ජන ගර්ජනවලට ලක් ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදී සිටි තිදරු මවද පොලීසිය බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂයක් සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

පළා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව ද නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට නිතර තර්ජනය කළ බව ද එම කාන්තාව පොලිසිය කියා ඇත.

කොණ්ඩය කපා දමමින් පිහි පෙන්වා විවිධ හිරිහැරවලට ලක් වූ බව ද එම කාන්තාව පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත.

තිදරු මවගේ මව අවස්ථා ගණනාවකදී පොලිස් ස්ථාන රැසක පැමිණිලි කළත් කිසිදු ස්‌ථානයකින් සාධාරණයක් නොවු බව ඇය දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු අදාල විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය වෙත භාර දී තිබුණි.

ඒ අනුව ඇය ඇතුළු කණ්ඩායම මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී අදාල කාන්තාවට තර්ජනය කිරීමට යොදා ගත් බව කියන මාලු කපන පිහි 05 ක් හා කිනිස්සක් සොයා ගනු ලැබීය.

ඊට අමතරව ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබු ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බව පොලීසිය කියයි.

36 හැවිරිදි සැකකරු අදාල තිදරු මවගේ ඥාති මාමා කෙනකු වන බව ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
7
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?