මාලිමා සංවිධායකවරයෙක් පහර දී කොටගල සභාවේ මන්ත්‍රීවරයෙක් රෝහලට

කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේශන් රාජේන්ද්‍රන්ට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙක් කොටගල නගරයේදි පහර දුන් බව පවසමින් එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කොටගල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ඔහුගේ ආධාරකරුවෙකු විසින් තමන් මෝටර් රථයෙන් (21) දින සවස නිවස කරා යමින් සිටියදී කොටගල නගරයෙදි තම මෝටර් රථය හරස් කර නතර කර එම දෙදෙනාම තමන්ට පහර දී තුවාල සිදු කළේ යැයි එම මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

මෙම පහර දීම ඊයේ (21) පස්වරු 3:00ට පමණ කොටගල නගරයේදි තම මෝටර් රථය තුළ දී සිදුකර මෝටර් රථයේ යතුර ජාතික ජන බලවේගයේ සංවිධායක සහ ආධාරකරුවා විසින් රැගෙන ගියේ යැයි පවසමින් එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දිඹුල, පතන පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32