ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙමින් ඊයේ (31) නිමාවට පත් වූ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගයේදී වේග පන්දුයවන දිල්ෂාන් මධුශංක විසින් වාර්තාවක් අලුත් කිරීමට සමත් වුණා.
ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින කඩුලු 50 දවා ගැනීමේ වේග පන්දු යවන්නා බවට පත් වෙමින්.
මීට පෙර එම වාර්තාව හිමිකම් කියූ ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දු එක්දින තරග 32ක් තුළ කඩුලු 50 බිඳ හෙලීමට සමත් වී තිබූ අතර දිල්ෂාන් මධුශංක විසින් තරග 28ක් පමණක් වැය කරමින් එම වාර්තාව ඔහු සතු කර ගැනීමට සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
2
+1
5
+1
2
+1
+1
1
+1
1





