මාලමුල්ලේ සාදයක් අතර වෙඩි තබා ඝාතනයක් සිදුකළ සිද්ධියේ සැකකරුවෙක් අල්ලයි

පසුගිය අප්‍රේල් 29 වන දින අලුයම් කාලයේ හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත් වූ සාදයක් අතරතුර දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඊයේ (30) මෙම සැකකරු අත්අඩංගුවට එන ඇති අතර, මෙම සැකකරු අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දුන් අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 40 හැවිරිදි වියේ පසුවන පානදුර, මොරවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හිරණ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?