තිදෙනෙක් ගිය යතුරුපැදිය කොහොඹ ගසක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

තරුණයින් තිදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නාමල් වැව ,මිහින්තලේ, ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.

මෙම තරුණයන් තිදෙනා අලුත් අවුරුද්ද උදා වූ පසුගිය 14 වනදා සවස වන තුරු මිහින්තලය – මහ කනදරා වැව් පිටියේ රැඳී සිට තිබෙනවා.

නව වසර උදාවීමත් සමඟ මෙම තරුණයන් තිදෙනා යතුරුපැදියක නැගී මහකන්දරාව වැව පිටියෙන් මිහින්තතලේ ප්‍රධාන මාවතට පිවිස පැදිකරුගේ නිවස පැමිණෙමින් සිටින අතර තුර යතුරුපැදිය පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදිය පදවාගෙන ආ තරුණයා අනතුරින් පසු රෝහල් ගත කරන අවස්ථාවේදීම මියගොස් සිට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

යතරුපැදියේ පිටුපසින් පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

යතුරුපදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවන්නට ඇති බවට මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මිහින්තලය පොලිසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !