මාර්ගගත ක්‍රමයේ දෝෂ ආ අයට වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට වැඩිපුර දින දෙයි

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සඳහා පවතින පද්ධතියට දත්ත ඇතුළත් කිරීමේ දී යම් කිසි දෝෂයක් හටගන්නා බවට ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැසිවිලි නගනවා.

ඒ අනුව ඇතිව තිබෙන එම දෝෂය හේතුවෙන් මෙතෙක් දත්ත ඇතුළත් කිරීමට නොහැකි වූ අයවලුන් හට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අමතර දින 07ක කාලයක් හිමිව ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙනවා.