මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට

ඊයේ (13) උදෑසන කාලයේ කුච්චවේලි පොලිස් වසමේ ත්‍රීකුණාමලය පුල්මුඩේ මාර්ගයේ 19 කණුව අසලදී එරක්කන්ඩි දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු ව අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා නිලාවේලි රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, මරණකරු වයස අවුරුදු 52 ක් වූ නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෘත ශරීරය නිලාවේලි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට අදාළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දින සවස් කාලයේ මෝදර පොලිස් වසමේ ශ්‍රී පඤ්ඤානන්ද ප්‍රදේශයේදී ශ්‍රී පඤ්ඤානන්ද හන්දිය දෙස සිට බෝධිය හන්දිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදිකරුවෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මරණකරු වයස අවුරුදු 52 ක් වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?