මාරක රිය අනතුරක්

ඊයේ (15) රාත්‍රී කාලයේ නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී නොච්චියාගම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු හා පදික පුද්ගලයා තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී පදික පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 71 ක් වූ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?