මාන්කුලමේ නිවසක් තුළ කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුර

මුලතිව්, මාන්කුලම, පාලෙප්පානි ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මාන්කුලම පොලිසිය සඳහන් කළේ ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23) මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ මාන්කුලම, පාලෙප්පානි ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක කාන්තාවකගේ මළ සිරුරක්.

මළ සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමුකර තිබෙනවා.

කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවයි මාන්කුලම පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?