මානසික ආබාධයකින් පෙළෙන දරුවාට පහර දුන් පොලිස් නිලධාරින්ට නොතීසි

කොවිඩ් වසංගතය පැවති සමයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධ සහිත ළමයෙකුට අමානුෂික ආකාරයෙන් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) අලුත්ගම පොලිසියේ නිලධාරින් තුන්දෙනෙකු වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළා.

පහර කෑමට ලක් වූ තැනැත්තාගේ පියා වූ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි බොහොමඩ් මවුසික් විසින් ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී ‍රීති පද්මන් සූරසේන එස්. තුරෙයිරාජා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම සිද්ධිය ඇති වූ අවස්ථාවේ දී අලුත්ගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස එම පොලිසියට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක රොහාන් දර්ශන, පොලිස් සැරයන් ඩිලාන් ගුණතිලක සහ එන්. එච්. සේනාරත්න යන නිලධාරීන්ට ජනවාරි මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන්.

පෙත්සම්කරු කියා සිටින්නේ 2022 වසරේ මැයි මස 25 වන දා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේදී හදිසි කටයුත්තක් සඳහා මානසික ආබාධයෙන් පෙළෙන තම දරුවා ද බයිසිකලයක නංවාගෙන ගමන් කළ බවයි.

අලුත්ගම මුරපොළ අසල දී එම බයිසිකලය නවත්වන ලෙස කළ නියෝගය නොතකා ඉදිරියට ගමන් කළේ යැයි එහි සිටි පොලිස් නිලධාරීන් පහර දුන් බවත් පෙත්සම්කරු කියා සිටිනවා.

තම දරුවා මන්ද මානසික ආබාධයෙන් පෙලෙන පුද්ගලයෙකු බව පැවසුවත් ඒ ගැන නිලධාරින් සැලකිල්ලට භාජනය නොකළ බවත් පෙත්සමේ සඳහන්.

මේ තුළින් තමාගෙත් තම දරුවාගේත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම ක්‍රියාවට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?