AFC Banner
Empty Ad
Empty Ad

මානව හිමිකම් සැසියේදී රටට විය හැකි අනතුරක් ගැන අනාවැකියක්

මහජන ආරක්ෂක පනත යටතේ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා හදිසි නීති රෙගුලාසි රජය විසින් ගෙන ඇත්තේ ජනතාවගේ ආහාර අයිතිය ලබා දීමට මිස ජනතාවගේ උද්ඝෝෂණ හෝ භාෂණයේ අයිතිය සීමා කිරීමට නොවන බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (09) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් මේ වන විට පෙරකී හදිසි නීති රෙගුලාසි හරහා දෙමළ ජනතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වැරදි මතයක් ජාත්‍යන්තරයේ පවතින බවත් මෙම කාරණය නුදුරේදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදීද සාකච්ජාවට ගැනෙනු ඇති බවත් ඔහු අවධාරණය කරනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සන්නිවේදනය ඉතාමත් දුර්වල බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වහාම මෙම මතය නිවැරදි කිරීමට සියලුම තානාපතිවරුන් ගෙන්වා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව මහානාමහේවා මහතා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?