මාධ්‍ය මර්දනයක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්

විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවයි.

නව පනත ගෙන ඒමෙන් පසු රූපවාහිනී මාධ්‍ය බලපත්‍රය වලංගු වන්නේ මේ පනත සම්මත වී මාස 6කට පමණක් බවත් ඉන් පසුව වාර්ෂිකව බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියකට රූපවාහිනී නාලිකා යොමු කිරීමට කටයුතු කර බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

මෙම බලපත්‍රය ලබා දීමේ දී අදාළ මාධ්‍ය ආයතනය රජයට ගැති හෝ එසේ නොමැති ද යන්න සොයා බලන බවත් එය පදනම් කර ගෙන බලපත්‍ර තහංචි ඇති කර රටේ මාධ්‍ය මර්ධනයේ අලුත් පරිච්ඡේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

එහි ප්‍රතිඵලයක් ලෙස රජය විසින් මේ කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ හරහා දැවැන්ත ලෙස මාධ්‍ය මර්ධනයක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් සිදු කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (1) විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස් වූ අවස්ථාවේ දී විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින්.

රාජ්‍ය අනුග්‍රහය මත අනුමත වූ ප්‍රවෘත්ති පමණක් ජනතාවට විකාශනය කරන මාධ්‍ය නාලිකා නිර්මාණය කිරීමක් මේ යටතේ සිදු වන බවත් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට පසු සිව්වන ආණ්ඩුව ලෙස හදුන්වන නිදහස් ස්වාධීන මාධ්‍ය මේ යටතේ නියාමනය කිරීමක් සිදු වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කරනවා.

මැතිවරණ සිතියම හකුලා රටේ ලක්ෂ 220ම ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමේ පනත් ගෙන ඒමට උත්සාහ කරමින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින අතරතුර මාධ්‍ය ආයතන ද මර්ධනය කිරීමට සූදානම් වුව ද විපක්ෂයක් ලෙස එකට එකතු වී මේ ක්‍රියාවලිය පරාජය කරන බවයි ඔහු කියාසිටියේ.

අධිකරණයේ පිහිට පතා මේ ක්‍රියාවලිය කෙසේ හෝ පරාජය කරන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මාධ්‍ය ආයතනවලට කියන්න ඇත්තේ සත්‍යවාදීව නිවැරදි තොරතුරු වාර්තා කරන ලෙසත් ඔබව ආරක්ෂා කිරීමේ වගකීම විපක්ෂය බාර ගන්නා බවත් එබැවින් බිය නොවී ජනතාවට සත්‍ය පැවසීමට පෙරමුණ ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙහි දී මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14