මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අබිරහස් මරණය ගැන විමර්ශන කටයුතු CID වෙත

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇත්තේ අගොස්තිනුගේ සමරජීව නමැති දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්.

සිය සැමියා ජනවාරි මස පළමුවැනිදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී ඊට පසුදින එනම් ජනවාරි 2 වැනිදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වැනිදා උදෑසන මියගියා.

මියගිය පුද්ගලයා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.

එම දුරකථන ඇමතුමට අනුව රාත්‍රී 11ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තුවාල සහිත පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු නොකර, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීම සැකයට තුඩු දෙන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.

මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය නිසි විමර්ශනයක් සිදුකර නොමැති බව ද එම නීතිඥවරයා
තවදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

නිවසේ හිමිකරු ඇතුළු නිවැසියන්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව දෙහිවල පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් ලෙසට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබීම සහ මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලීසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි වීම යන කරුණු මත මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට තීරණය කළා.

අදාළ නඩුව නැවත මාර්තු මස 18 වැනිදා කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34