මාධවීට… ආදරේ ඕනෑ කෙරේ.. තාදි මගේ ජීවිතේ ලොකු කඩඉමක්

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ ගායන ශිල්පිනියක් වන මාධවී වත්සලා ඇන්තනී ගායනා කරන අලූත්ම ගීතය තමයි ‘‘ආදරේ ඕනෑ කෙරේ.. ගීතය. වීදි දරුවන් සහ ඔවුන්ට සිදුවන අකටයුතුකම් ගැන ආදරෙ ඕනෑ කෙරේ ගීයෙන් කියැවෙනවා. මෙම ගීතයේ පද රචනය සහ රූප රචනය සිදුකර තිබෙන්නේ මාධවීගේ පියා වන ප‍්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී විසිනි. ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය රාජ් කිල්ලයියාම්පලම් විසින් සිදුකර තිබෙනවා.
 
 මේ දිනවල මාධවී අපට මහවිරු” පණ්ඩු” අමාලියා සහ තාදි මදාරා ලෙසින් ද මුණගැහෙනවා. ඇය සමඟ මේ පිළිසඳර ඒ නිසාවෙනි.
 
 * ‘ආදරේ ඕනෑ කෙරේ. ගීයට ලැබෙන්නේ මොන වගේ ප‍්‍රතිචාරද?
 
 ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය හරහා ද ලැබෙන ප‍්‍රතිචාර අනුව හු`ග දෙනෙක් කියන්නේ සාමාන්‍ය රැුල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් කියලයි. වැඩිය කවුරුවත් කතා කරන්නේ නැති මාතෘකාවක් කියලත් කියනවා. කෙටි චිත‍්‍රපටයක් බැලූවා හා සමානයි කියලත් තවත් සමහරු කියනවා. හරි හැ`ගීම්බරයි කියලත් සඳහන් කරනවා.
 
 * මේ ගීතයේ පද රචනාව සහ රූප රචනාව ඔබේ පියාගේ?
 
 ඔව්. පද රචනාව සහ රූප රචනාව අප්පච්චිගේ. සංගීත නිර්මාණය රාජ් තිල්ලයියාම්පලම්ගේ. ඔහු ශ‍්‍රී ලාංකික දමිළ සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වුණාට අන්තර්ජාතික චිත‍්‍රපට වලටත් ඔහු සංගීතයෙන් දායක වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට අන්තර් ජාතික සංගීත හුරුව සහ රටාව ගැන අවබෝධයක් තියෙන අන්තර්ජාතික අධ්‍යක්‍ෂවරයෙක් කියලත් කියන්න පුළුවන්.
 
 * මේ අදහස ඇත්තටම තාත්තාගේ ද?
 
 නැහැ. ගීතයක් හදන්න ඕනෑ කියන අදහස මට ආවා 2015 අවුරුද්දේ. ඒ අවුරුද්දේම තමයි මට රාජ් තනුව නිර්මාණය කරලා දුන්නේ. වෙන වෙන කාරණා හින්ද ඒ වැඬේ යට ගියා. ඊට පස්සේ මිලාන් කිව්වා අපි සින්දුවක් කරන්න ඕනෑ කියලා. ඊට පස්සේ මම මිලාන්ට කිව්වා භාගෙට කරපු සින්දුවක් තියෙනවා කියලා. ඊට පස්සේ අප්පච්චිත් ඒ තනුවට කැමති වෙලා ලස්සන පද ටිකක් ලියලා දීලා මේ වැඬේ එළියට ආවේ.
 
 * සැමියා මාධවීගේ ආදරේ අලූත් කළා
 
 ඔව්. එහෙම කියන්නත් පුළුවන්. දස්කොන්” සී රජ ටෙලි නාට්‍යවල මගේ ගීත තිබුණා. ඊට පස්සේ එකගෙයි සොකරි චිත‍්‍රපටයේ ප‍්‍රධාන ගීතය ගායනා කළෙත් මම. ඒ ඇරෙන්න මගේම ස්වතන්ත‍්‍ර නිර්මාණයක් තිබුණේ නැහැ. ඒ අඩුව තමයි ‘ආදරේ ඕනෑ කෙරේ. තුළින් මුලින්ම පිරෙව්වේ. මම හිතන්නේ අධ්‍යාපන කටයුතු වගේම විවිධ වෘත්තීය කටයුතු නිසා මට කලාවට දායක වෙන්න ලොකු කාලයක් තිබුණේ නැහැ. දැන් කලා ක්‍ෂේත‍්‍රයට වැඩි කාල වේලාවක් වෙන් කරලා තිබුණා. මේක එක සින්දුවක් විතරයි. තවත් ගීත කිහිපයක් අපි හදාගෙන තියෙනවා. මේ ගීතයත් අවුරුද්දකට කලින් තමයි නිර්මාණය කළේ. ගීතයක් රසවිඳින්න තරම් මානසිකත්වයක් පසුගිය කාලයේ තිබුණේ නැහැ. හොඳම කාලයේ තමයි ගීතය එළිදැක්වූයේ.
 
 * ‘ආදරේ ඕනෑ කෙරේ. ගීතයෙන් කතා කරන්නේ?
 
 ආදරේ ඕනෑ කෙරේ ගීතයෙන් කතා කරන මාතෘකාව තමයි ආදරය. ගොඩක් දෙනෙක් කතා කරන්නේ ගැහැනු ළමයි පිරිමි ළමයින්ගේ ආදරයනේ. හැබැයි මෙතන කතා කරන්නේ ඊට වඩා වෙනස් ආදරයක්. ගැඹුරු හෘදයාංගම මාතෘකාවක් ගැන. දරුවන්ට ආදරය ඕනෑමයි. ඒ ආදරය නැති දරුවන්ට ආදරය ඕනෑ කිරීම ගැනයි කතාබහ කරන්නේ.
 
 * ගීතය එළිදක්වන්න විශේෂ කරුණු දෙකක් සලකා බැලූවේ ඇයි?
 
 අපේ ආරණ්‍යා දෝනිගේ උපන් දිනය දවසේ තමයි ගීතය මුදා හැරියේ. ඒ අපේ දෙවැනි විවාහ සංවත්සරය දවසේ. ඒ කියන්නේ ජනවාරි 18 වැනිදා. ඒ දවසේ දී රිලීස් කරන්න හේතුව මේ හැම දේටම වැදගත් ආදරයනේ. ආරණ්‍යා දෝණිව දැක්කහම අපිට දැනුන දේ. ඒ වගේ ආදරයක් මේ ලෝකේ හැමෝටම ලැබුණ නම් කියන අදහසේ තමයි අපි ඉන්නේ.
 
 * තාදි ගැනත් කතා කරමු නේද?
 
 චරිත් අබේසිංහයන්ගේ අධ්‍යක්‍ෂණයෙන් තමයි තාදි ටෙලි නාට්‍ය නිර්මාණය කළේ. චරිත් අයියා මට මේ වැඬේට කතා කරන කොටම ඔහු කිව්වේ මේක අලූත් විදිහේ නාට්‍යයක් කියලා. තාදි නිර්මාණය වෙනනෙත් ඉතාම ඉහළ කැමරා තාක්‍ෂණයෙන්. එවැනි තැනක රංගනය කියන දේත් ඉතාම හොඳින් කැපිලා පෙනෙනවා. ගොඩක් ප‍්‍රවීණ නළු නිළියෝ” නවක නළු නිළියෝ මේ නිර්මාණයේ ඉන්නවා. මට තියෙන්නේ මදාරා කියන චරිතය. ටිකක් කියවගන්න අමාරු කොන්ත‍්‍රාත්කාරියක් කියලා කිව්වොත් නිවැරදියි. වැඩි විස්තර කිව්වොත් කතාවට හානියක් වෙනවා.
 
 * කාලෙකට පස්සේ නේද ටෙලි නාට්‍යයක් භාර ගත්තේ
 
 අනේ ඔව්. කාලෙකට පස්සේ භාරගත්තා කියනවාට වැඩිය මම වැඩ කරන බව ගොඩක් අධ්‍යක්‍ෂවරු දැනගෙන හිටියේ නැහැ. ගොඩක් කාලෙකට පස්සේ වැඩ කරනවා කියලා හෙළිවුණේ.
 
 * ගොඩක් අධ්‍යක්‍ෂවරු හිතුවේ මාධවී ක්‍ෂේත‍්‍රයෙන් ඈත්වෙලා කියලද?
 
 හේතුව මම වැඩ කරපු නැති නිසා මගේ වෘත්තීය කටයුතු අහවර වුණ නිසා දැන් මම දිගටම වැඩ කරනවා. මගේ ආසාව තියෙන තැනට” මගේ දක්‍ෂතාවය තියෙන තැනට” මම වැඩි වේලාවක් කැප කරන්න අදහස් කළා. මගේ ජීවිතයේ තාදි ලොකු කඩඉමක් කියලා හිතෙනවා. හොඳ චරිතයක්. මට විවිධාකාරයෙන් පෙනී ඉන්න තියෙනවා. ඒ නිසා තාදි මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් වේවි කියලා. මම බලාපොරොත්තු වෙනවා තාදි හැමෝම බලයි කියලා. එකිනෙකා ගේ අදහස් මට කියාවි කියලා. මට ඉදිරියටත් හොඳ අවස්ථාවක් උදාවේවි කියලා හිතනවා.
 
 
 දිනේෂ් විතාන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34