මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 506 දෙනෙකු මාරු කර යැවෙයි

මාතර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය අද (23) පෙරවරුව වන විට සම්පූර්ණයෙන් පාලනය කෙරුණ ද, බන්ධනාගාරය තුළ තිබූ දේපොළවලට හානි කිරීම හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත් කරන තුරු හා රැඳවියන්ගේ සම්පූර්ණ ආරක්ෂාව සඳහා ඔවුන්ගෙන් 506 දෙනෙකු සතියක කාලයකට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; අද (23) පෙරවරුවේ සිට එම රැඳවියන් ව දැඩි ආරක්ෂාවක් යටතේ අඟුණුකොළපැලැස්සට රැගෙන යාමට කටයුතු කර ඇති බවයි.

ඊයේ (22) රාත්‍රියේ දී මාතර බන්ධනාගාරයේ රැඳවියන් 25 දෙනෙකු අඟුණුකොළපැලැස්සට මාරු කර යවා තිබෙනවා.

මෙම කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීවරු තිදෙනෙකු තවදුරටත් මාතර මහා ⁣රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවට මේ වන විට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?