මාතර, නූපේ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක අද (24) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
පැය හතරකට වැඩි කාලයක් පැවති එම ගින්න හේතුවෙන් මාතර – ගාල්ල මාර්ගයේ කොටසක් ද තාවකාලිකව වසාදැමීමටයි කටයුතු කර තිබුණේ.
මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයට අමතරව ගාල්ල ගිනි නිවීමේ රථ දෙකක් ද මෙම ගින්න පාලනය සඳහා කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.
අදාළ ආයතනයේ රථ ගාලේ තිබූ ලොරි තුනක් ද ගින්නෙන් විනාශ වී ඇති අතර, ව්‍යාපාරික ආයතනයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
ගින්න මේ වන විට පාලනය කර ඇති බවයි මාතර පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
5
+1
1
+1