මාගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනයට හතක් අල්ලයි

ගාල්ල – මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමකදී තරුණයෙකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 07දෙනෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද සිටින බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ (07) රාත්‍රියේ ගාල්ල – මාගල්ල ඉන්ධන පිරවුම්හලක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

රාත්‍රියේ ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළෙඳසැලක් ඉදිරිපිට ඉඩ තිබූ ස්ථානයකින් පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළකර තිබෙනවා

ඒ, සමඟ ගැටුමක් ඇති වී තිබෙන අතර, අනතුරව මෝටර් රථයේ පැමිණි පුද්ගලයා මේ සම්බන්ධයෙන් ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකුට දැනුම් දී ඇති අතර පසුව ඔවුන් පැමිණ රියදුරුට හිරිහැර කළ පුද්ගලයින්ට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඇති වූ ගැටුමේ දී අදාල 25 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?