මහ වැසි මැද 24 පැයක් තුළ පාකිස්තානයේ එක් පළාතක මරණ 63ක්

පාකිස්තානයට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් එක් දිනක් තුළ පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් මරණ සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, පසුගිය මාසය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇති වී, නිවාස හා දේපොළ හානි දැඩි ව සිදු ව ඇති බවයි.

පාකිස්තානයේ පන්ජාබ් පළාතට අයහපත් කාලගුණික තත්ත්වය පසුගිය පැය 24 තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද වාර්තා වනවා.

මෙම අයහපත් කාලගුණයෙන් තවත් පුද්ගලයින් 300ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නැගෙනහිර පළාත් අගනුවර වන ලාහෝර්හි මරණ 15ක්, ෆයිසලාබාද්හි මරණ 09ක් සහ ඔකාරා, සහිවාල් සහ පක්පට්ටන් යන ගොවි බිම් කේන්ද්‍ර වූ නගරවල තවත් මරණ කිහිපයක් වාර්තා වුණා.

දකුණු දෙසින් පිහිටි ගංගා ඉවුරු දිගේ ගම්මානවලින් පවුල් ඉවත් කිරීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් බෝට්ටු භාවිතා කළ නමුත් දහවල් වන විට ජලය බැස යාමට පටන් ගෙන තිබූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?