මහ මැතිවරණයේ ඡන්දය දාන්නේ මෙහෙමයි – මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

එළඹෙන මහමැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එම කොමිසම පවසන්නේ මොණරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකට මුද්‍රණය කර ඇති බවයි.

අනෙකුත් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

සෑම ඡන්දදායකුට ම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ ලබා දිය හැකි බවයි දැනුම් දෙන්නේ.

තම ඡන්දය දෙන පිළිගත් දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකයේ සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ X ලකුණ යෙදිය යුතුවනවා.

ඉන් අනතුරුව නාමයෝජනා කරන ලද අපේක්ෂකයන් තුන් දෙනෙකුට නොවැඩි පිරිසකට සිය මනාපය පළ කිරීම සඳහා ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක් එක් අපේක්ෂකයාට වෙන් කර දී ඇති අනුක්‍රමික අංකයට අනුරූප අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත X ලකුණක් යෙදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?