spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු බෝම්බයේ වරදකරුවෙකුට ජනපති සමාව

පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් 1996 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර දෙසීයක සිරදඩුවම් නියමවී සිටි හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ සෙල්ලයියා නවරත්නම් නමැති මෙම පුද්ගලයාට අමතරව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි එස්.සන්මුගරාජා නමැති තවත් හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබාදී ඇති බවයි.

මේ අනුව පසුගිය 18 වැනිදා ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළව මහාධිකරණයෙන් වසර 200ක සිරදඬුවම් නියමව පසුව අභියාචනාධිකරණයෙන් දඬුවම තහවුරු කර තිබූ සෙල්ලයියා නවරත්නම්ගේ වයස මේ වනවිට අවුරුදු 69ක්.

යහපත් කල්ක්‍රියාව මත පදනම්ව ඔහුට ජනාධිපති සමාව පිරිනමා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

මේ අතර, ජනාධිපති සමාව හිමවූ 56 හැවිරිදි එස්.සන්මුගරාජා නැමැත්තා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි අයෙක්.

ඔහු වරදකරුවී තිබුණේ LTTE සංවිධානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ චෝදනා මතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?