මහ බැංකු බෝම්බයේ වරදකරුවෙකුට ජනපති සමාව

පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් 1996 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර දෙසීයක සිරදඩුවම් නියමවී සිටි හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ සෙල්ලයියා නවරත්නම් නමැති මෙම පුද්ගලයාට අමතරව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි එස්.සන්මුගරාජා නමැති තවත් හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබාදී ඇති බවයි.

මේ අනුව පසුගිය 18 වැනිදා ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළව මහාධිකරණයෙන් වසර 200ක සිරදඬුවම් නියමව පසුව අභියාචනාධිකරණයෙන් දඬුවම තහවුරු කර තිබූ සෙල්ලයියා නවරත්නම්ගේ වයස මේ වනවිට අවුරුදු 69ක්.

යහපත් කල්ක්‍රියාව මත පදනම්ව ඔහුට ජනාධිපති සමාව පිරිනමා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

මේ අතර, ජනාධිපති සමාව හිමවූ 56 හැවිරිදි එස්.සන්මුගරාජා නැමැත්තා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි අයෙක්.

ඔහු වරදකරුවී තිබුණේ LTTE සංවිධානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ චෝදනා මතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01