මහ කොමසාරිස්වරුන් 3ක් සහ තානාපතිවරුන් 7ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 03 දෙනෙක් සහ තානාපතිවරු 07 දෙනෙක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබෙනවා.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරුන් ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටිනවා.

අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නම් පහතින්.

  1. ආචාර්ය රොජර් ගෝපෝල් මහතා (Dr. Roger Gopaul ) – ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජයේ මහ කොමසාරිස්
  2. එලිජියො ඇල්බර්ටො සලස් ඩි ලියොන් (Eligio Alberto Salas De Leon) – පැනමා ජනරජයේ තානාපති
  3. ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් මහතා (Mr. Didier Vanderhasselt) – බෙල්ජියම් රාජධානියේ තානාපති
  4. මහාචාර්ය ජොයිස් කේ කිකාෆුන්ඩා මිය (Prof. (Ms.) Joyce K. Kikafunda) – උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්
  5. දිමිත්‍රියස් ලොනව් මහතා (Mr. Dimitrios Ioannou) – හෙලනික් ජනරජයේ තානාපති
  6. ආචාර්ය බාසාම් අල්-කතිබ් (Dr. Bassam Al-Khatib) – සිරියානු අරාබි ජනරජයේ තානාපති
  7. ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් මහතා (Mr. Javier Manuel Paulinich Velarde) – පේරු ජනරජයේ තානාපති
  8. ලී මියොන් මහත්මිය (Ms. Lee Miyon) – කොරියානු ජනරජයේ තානාපති
  9. ඉස්ට්වාන් සැබො මහතා (Mr. István Szabó) – හංගේරියාවේ තානාපති
  10. ලලාටියානා ඇකෝචේ මහත්මිය (Mrs. Lalatiana Accouche) – සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20