මහ කන්නයේ වගා කටයුතු සඳහා තෙල් බවුසර් 10,909ක අවශ්‍යතාවක්

මහ කන්නයේ වගා කටයුතු සඳහා ඩීසල් ලීටර් මිලියන 72ක් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසනවා.

කෘෂිකර්ම ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ වී වගාවේ බිම් සකස් කිරීම හා අස්වනු නෙලීමෙි කටයුතු සඳහා මෙම ඉන්ධන ප්‍රමාණය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

එය ඉන්ධන බවුසර් 10,909ක ප්‍රමාණයක් බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බිම් සැකසීමට ඉන්ධන ලීටර් මිලියන 40ක් සහ අස්වනු නෙලීමට ඉන්ධන ලීටර් මිලියන 32ක් මෙලෙස අවශ්‍යව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ලේකම්වරයා පෙන්වා දුන්නේ.

මේ අතර ගොවිතැනට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ කටයුතු අධීක්ෂණය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා තිබෙනවා.

එමෙන්ම කිසියම් ප්‍රදේශයක වගාවට අවශ්‍ය ඉන්ධන ගැටළුවක් පැන නැඟුනහොත් අදාළ දිස්ත්‍රික් ලේකම්වරයා හමු වී ගැටළුව විසඳා ගැනීමට හැකියාව ඇති අතර, ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය ද මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙනම නිලධාරියෙක් බැඟින් පසු ගියදා පත්කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18