මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදාදීම හෙට (05) දිනයේ සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම සඳහන් කරනවා.
ඒ, අනුව බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් මෙවර මහ කන්නය වෙනුවෙන් බෙදාහරින බවයි එම සමාගම සඳහන් කළේ.
මේ අතර ඊයේ (03) දිනයේ දී මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් ‘බණ්ඩි පොහොර’ මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණියා.
එමෙන්ම ඊයේ (03) දිනයේ ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද කොමර්ෂල් පොහොර සමාගම සඳහන් කර සිටියා.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 54,000ක් මේවන විටත් බෙදාහැර ඇති බවයි එම සමාගම වැඩිදුරටත් පවසා සිටියේ.













