පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයාට අයත් ඉඩමක ඇති බව කියන නිධානයක් ගොඩගැනීමට සූදානම් වූ හතරදෙනෙක් නොරොච්චෝලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (01) රාත්‍රියේ නොරොච්චෝලේ, ආලංකුඩාව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
තමාට අයත් ආලංකුඩාව ප්‍රදේශයේ පිහිටි අක්කර 30ක පමණවන පොල් ඉඩමක් තුළ කිසියම් කණ්ඩායමක් නිධානයක් ගොඩගැනීමට සූදානම් වන බවට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතාට දැනගැනීමට හැකිව තිබෙනවා.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලීසියට දැනුම්දීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ.
එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ඉඩමට ගොස් එම ස්ථානයේ රැදී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩන්ගස්ලන්ද, පොල්ගහවෙල, නොරොච්චෝලේ සහ ආලංකුඩාව යන ප්‍රදේශවල පදිංචි සිව්දෙනෙක්.
මෙහිදී සැකකරුවන් කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.











