spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහීෂ් තීක්ෂණ ඉදිරියට

හොඳම T20 පන්දු යවන්නන් 10 දෙනා අතරට එක් වීමට ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ඒ, නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 තරඟ දෙකේදී දැක්වූ දක්ෂතා මතයි.

පළමු තරඟයේදී සුපිරි පන්දුවාරයේ ජය ශ්‍රී ලංකාවට ගෙන ඒම වෙනුවෙන් එම පන්දුවාරය ක්‍රියාත්මක කළේද මහේෂ් තීක්ෂණයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් වූ දෙවන තරඟයේදීද සෙසු පන්දු යවන්නන් ප්‍රහාරයට ලක්වද්දී මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමකද නිරත වුණා.

එහිදී ඔහු පන්දුවාර 4ක් යවමින් නවසීලන්තයට ලබා දුන්නේ ලකුණු 18ක් පමණයි.

මෙම දක්ෂතා හේතුවෙන් නවතම 20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමට මහේෂ් තීක්ෂණට හැකි වී තිබෙනවා.

ඔහු දැන් පසුවන්නේ එම ලැයිස්තුවේ දසවන ස්ථානයේයි.

ලොව හොඳම 20යි 20 පන්දු යවන්නන් 10 දෙනා අතර වනිඳු හසරංග තවදුරටත් 2වන ස්ථානයේ පසුවනවා.

ඇෆ්ගගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?