මහීෂ් තීක්ෂණ ඉදිරියට

හොඳම T20 පන්දු යවන්නන් 10 දෙනා අතරට එක් වීමට ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ඒ, නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 තරඟ දෙකේදී දැක්වූ දක්ෂතා මතයි.

පළමු තරඟයේදී සුපිරි පන්දුවාරයේ ජය ශ්‍රී ලංකාවට ගෙන ඒම වෙනුවෙන් එම පන්දුවාරය ක්‍රියාත්මක කළේද මහේෂ් තීක්ෂණයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් වූ දෙවන තරඟයේදීද සෙසු පන්දු යවන්නන් ප්‍රහාරයට ලක්වද්දී මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමකද නිරත වුණා.

එහිදී ඔහු පන්දුවාර 4ක් යවමින් නවසීලන්තයට ලබා දුන්නේ ලකුණු 18ක් පමණයි.

මෙම දක්ෂතා හේතුවෙන් නවතම 20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමට මහේෂ් තීක්ෂණට හැකි වී තිබෙනවා.

ඔහු දැන් පසුවන්නේ එම ලැයිස්තුවේ දසවන ස්ථානයේයි.

ලොව හොඳම 20යි 20 පන්දු යවන්නන් 10 දෙනා අතර වනිඳු හසරංග තවදුරටත් 2වන ස්ථානයේ පසුවනවා.

ඇෆ්ගගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06