මහින්ද තීන්දුවට සූදානම් විමල් – පොහොට්ටු අවුල දුරදිග ගිහින්

ඇමැති විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තිබෙන දේශපාලන ආරවුල සමතයකට පත්කිරිම සදහා මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගන්නා බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  ආණ්ඩුවට හිතවාදී භික්ෂූන් වහන්සේලා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් මෙම ආරවුල විසඳීමට මැදිහත්වන ලෙස මහින්ද මහතාගෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් ඔහු එම කටයුත්ත බාර ගෙන ඇති බව වාර්තාවේ.

ඇමැති විමල් වීරවංශ මහතා ඉකුත් සතියේ ජාතික පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක සඳහන් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා විරවංශ මහතා අතර දේශපාලන ආරවුලක් මේ වනවිට ඇතිව තිබේ. ඉකුත් අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයෙ රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ද අගමැතිවරයාට කරුණු පැහැදිලි කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?