ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති විශාල ඉඩමක් පරික්ෂා කිරීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ අද (16) පැමිණ තිබෙනවා.
ඒ, ගම්වාසීන් විසින් එම ඉඩම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට සිදුකර තිබූ පැමිණිලි කිහිපයක් පිළිබඳව අවදානය යොමුකරමින්.
ගම්වාසීන් පැමිණිලි කර ඇත්තේ අදාළ ඉඩම තුළට ගම්වාසීන්ට හෝ පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීමට එහි පාලකයින් ඉඩලබා නොදීම තුළ සැකයක් පවතින බවයි.
ඒ, අනුව එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට ඇතුළුවීමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාව ලබානොදීමටයි එහි සේවකයින් කටයුතු කළේ.
කෙසේ වෙතත් නුදුරු දිනක තමන් යළි එහි පැමිණ ඉඩම පරීක්ෂාකරන බව පවසා නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර මෙම ස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිතර ආ ගිය තැනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් පැවසුවේ.