මහින්දගේ මව සිහි වෙන්න පාරක් නම් කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සමරු උත්සවයක් ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

ඇඹිලිපිටිය නගරසභාවේ නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා විසින් මෙම ගුණ සමරු උත්සවය පස්වැනි වතාවට සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්ත, මාධ්‍යවේදී මොහාන් සමරනායක යන ආරාධිතයන් සහභාගී වුණා.

මෙහිදී ප්‍රධාන අනුශාසනාව දක්ෂිණ ලංකාවේ ප්‍රදාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිදු කරන ලද අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දෝන දන්දිනා රුවට මල් තබා උපහාර දැක්වීම සිදු කළා.

මීට සමගාමීව ඇඹිලිපිටිය කොන්ක්‍රීඩ් යාඩ් මාර්ගය කාපටි අතුරා දෝන දන්දිනා රාපක්ෂ මාවත නමින් නම්කි රීම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?