AFC Banner
Empty Ad
Empty Ad

මහැදුරු ටෙරන්ස් මධුජිත්ට පේරාදෙණියෙන් තවත් ලොකු පුටුවක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්‍ය ටෙරන්ස් මධුජිත් පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම අද (19) දිනයේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල පනතේ 34(1) ‘අ’ වගන්තිය ප්‍රකාර ව මෙම තනතුරට මහාචාර්‍ය ටෙරන්ස් ව පත් කෙරුණා.

මහැදුරු ටෙරන්ස් මධුජිත් යනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් මෙන් ම මෙතෙක් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා වශයෙන් කටයුතු කළ අයෙක්.

විශ්වවිද්‍යාල ආචාර්‍යය මණ්ඩලයේ ඡන්දයකින් අනතුරුව පීඨාධිපතිවරයෙක් තෝරා ගැනෙන අතර; පසුව කුලපතිවරයාගේ එකඟත්වය මත උප කුලපතිවරයාගේ නම යෝජනා කෙරෙනවා.

ඉන් අනතුරුව සම්මත වූ නම පූර්ණ අනුමැතිය සඳහා ජනාධිපතිවරයාට මෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ද යොමු කෙරෙනු ඇති.

එම ක්‍රියාවලියට අනුකූල ව මහාචාර්‍ය ටෙරන්ස් මධුජිත් හට මෙම තනතුර හිමි ව ඇත්තේ.

මහාචාර්‍යය ටෙරන්ස් මධුජිත් යනු ආහාර විද්‍යාව සම්බන්ධයෙන් කැනඩාවෙන් පශ්චාත් උපාධිය සහ ආචාර්‍ය උපාධි සම්පූර්ණ කළ එම ක්ෂේත්‍රයේ හසල දැනුමැත්තෙක් ලෙසයි විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධියක් උසුලන්නේ.

හෙතෙම 2021 වර්ෂයේ සිට නියෝජ්‍ය උප කුලපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය රාජකාරි කටයුතු සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?