මහැදුරු ටෙරන්ස් මධුජිත්ට පේරාදෙණියෙන් තවත් ලොකු පුටුවක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්‍ය ටෙරන්ස් මධුජිත් පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම අද (19) දිනයේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල පනතේ 34(1) ‘අ’ වගන්තිය ප්‍රකාර ව මෙම තනතුරට මහාචාර්‍ය ටෙරන්ස් ව පත් කෙරුණා.

මහැදුරු ටෙරන්ස් මධුජිත් යනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් මෙන් ම මෙතෙක් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා වශයෙන් කටයුතු කළ අයෙක්.

විශ්වවිද්‍යාල ආචාර්‍යය මණ්ඩලයේ ඡන්දයකින් අනතුරුව පීඨාධිපතිවරයෙක් තෝරා ගැනෙන අතර; පසුව කුලපතිවරයාගේ එකඟත්වය මත උප කුලපතිවරයාගේ නම යෝජනා කෙරෙනවා.

ඉන් අනතුරුව සම්මත වූ නම පූර්ණ අනුමැතිය සඳහා ජනාධිපතිවරයාට මෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ද යොමු කෙරෙනු ඇති.

එම ක්‍රියාවලියට අනුකූල ව මහාචාර්‍ය ටෙරන්ස් මධුජිත් හට මෙම තනතුර හිමි ව ඇත්තේ.

මහාචාර්‍යය ටෙරන්ස් මධුජිත් යනු ආහාර විද්‍යාව සම්බන්ධයෙන් කැනඩාවෙන් පශ්චාත් උපාධිය සහ ආචාර්‍ය උපාධි සම්පූර්ණ කළ එම ක්ෂේත්‍රයේ හසල දැනුමැත්තෙක් ලෙසයි විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධියක් උසුලන්නේ.

හෙතෙම 2021 වර්ෂයේ සිට නියෝජ්‍ය උප කුලපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය රාජකාරි කටයුතු සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14