මහ වැස්ස වැස්සත් ඉදිරි දින 4 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට(15) සිට දින 04 ක කාලයක් පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.