මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘති 6ක ප්‍රගතිය සමාලෝචනය කෙරේ

මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘතිය 6ක ප්‍රගතිය සමාලෝචනය කිරීම බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

2030 වසර වනවිට සමස්ථ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සදහා වන වැඩපිළිවෙළට සමගාමීවයි මෙම ප්‍රගති සමාලෝචනය පැවැත්වුණේ.

රජයේ අවසරයන් ලබා ගැනීම, ඉඩම් පවරාගැනීම්, සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරිම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ගතවීම්, මූල්‍ය අවශ්‍යතාවයන්, ව්‍යපෘති ඉදිකිරීම් කාලරාමුව වැනි කරුණු මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ප්‍රගතිය සමාලෝචනය කල ව්‍යපෘති

1) අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සංවර්ධනය කරන මන්නාරම සහ පූනරින් මෙගාවොට් 500ක සුලං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය. මෙම ව්‍යපෘතිය 2025 දී වර්ෂයේ ජනවාරි මස අවසන් කිරීමට එම සමාගම එකගතාව පලකර ඇත. මෙම කාල රාමුව තුල ඉදිකිරීම් අවසන් කිරීමට රජයේ අනෙකුත් අවසරයන් සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් මේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලබා දිය යුතු වේ. මෙම ව්‍යපෘතියට අවශ්‍ය කිලෝවොල්ට් 400ක සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමද එම සමාගම විසින් සිදු කරනු ලැබේ.

2) පූනකරි ප්‍රදේශයේ මෙගාවොට් 700ට වැඩි බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතියේ මෙගාවොට් 134ක් ඝෘජුව ජාතික පද්ධතියට සම්බන්ධය වන අතර බැටරි මතින් විදුලිය ගබඩාකිරීම මගින් මෙගා වොට් 700ක් දක්වා ජාතික පද්ධතියට පහසුකම් සලසා දීමට බලාපොරොත්තු වේ. එය 2024 මාර්තු මස වනවිට ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

3) හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය කරන මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය, දේශීය ආයෝජනයක් සමුහයක් ලෙස ඉදිර්කිරීම් සිදු කරන අතර 2024 වසරේ දෙසැම්බර් වනවිට සම්ප්‍රේෂණ මාර්ග සමග සමබන්ධ කිරීමට යෝජිත අතර එය මෙගාවොට් 300ක් දක්වා උත්පාදනය වැඩි කිරීමට සුදුසු ආයෝජකයන් වෙත සූදානම් කෙරේ.

4) සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය ලක්දනවි සමාගම, වින්ඩ් ෆෝර්ස් සමාගම සහ බ්ලු සිර්ක්ල් සමාගම ඒකාබද්ධව සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග සංවර්ධනය කරන අතර එය 2025 වසරේ දී අවසන් කෙරේ.

5) සොලාර් ෆෝජ් සමාගම මගින් මඩකලපුව මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග 2025 වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ඒ සදහා වන අවසර සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් 2023 ඔක්තෝබර් මස වන විට ලබා දිය යුතු වේ.

6) ඉන්දියානු ජාතික තාප බල ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩල එක්ව ඉදිකරන සාම්පූර් මෙගාවොට් 130ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ අදියර දෙකක් යටතේ අවසන් කරන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග පළමු අදියර ලෙස මෙගාවොට් 50ක් 2025 වසරේදී ජාතික පද්ධතියට එක්කෙරේ. මුල්‍ය ආයෝජනය සදහා අවශ්‍ය ණය පහසුකම් AIIB මුල්‍ය ආයතනය මගින් සිදු කෙරේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙන්ම ව්‍යාපෘතිවල පාර්ශවකරුවන් ද එක්වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07
Video thumbnail
නවතා තිබූ කැබ් රථයක් සෙට් එකක් ඇවිත් උස්සපු හැටි - ආවා කැබ් එක ගත්තා - ගියා
02:35
Video thumbnail
කණ්ඩායම් තුනේම උප නායක කමිදු මෙන්ඩිස් මාධ්‍යයට කිව්ව දේ - දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා
06:30
Video thumbnail
රංගගේ වැඩ තහනම් කරන්න - රංගට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි
04:32
Video thumbnail
කළුතර වෙ# තැබීම ගැන පොලිසියෙන් කට අරියි - මොහු 38ට හැවිරිදි ව්‍යාපාරිකයෙක්
01:31
Video thumbnail
බොදවුණ වාහන සිහිනය සැබෑ කළා - ආරක්ෂාවට ඉස්සරහින් පස්සෙන් වාහන දැම්මේ නෑ - ලොකු වෙනසක් කළා
05:36
Video thumbnail
කළුතර සලිත කළ වෙ#ඩිල්ලේ නවතම දර්ශන මෙන්න - දැඩි ආරක්ෂාවක් යොදයි..STF එකෙමුත් එයි
01:21
Video thumbnail
කුරුණෑගල ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල් තියෙනවා
04:58
Video thumbnail
කළුතර රත්කල වෙ#ඩිල්ලේ CCTV දර්ශන එළියට - බයික් එකත් ගිහින් එතනම නැවැත්තුවා ?
00:45