මහවැලි අධිකාරියේ වරදින් රූස්ස ගස් යට දිවිගෙවන පවුල් හතරක්

මහවැලියට අයත් වික්ටෝරියා රක්ෂිත ප්‍රදේශයක පදිංචිව සිටි පවුල් හතරක සාමාජිකයින්ට දැනට මාසයකට ආසන්න කාලයක සිට ගස් යට දිවි ගෙවීමට සිදුව ඇති බව දසත නිවුස් අපට වාර්තා වුණා.

අනවසරයෙන් වැව් රක්ෂිතයේ පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කිරිමට මහවැලි අධිකාරිය ගත් තීරණය හේතුවෙන් ඔවුන්ට මෙලෙස ගස් යට දිවි ගෙවන්නට සිදුව තිබෙනවා.

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුරගේවත්ත ප්‍රදේශයේ පවුල් හතරක සාමාජිකයින් මීට පෙර පදිංචිව සිටියේ මහවැලියට අයත් වික්ටෝරියා රක්ෂිත ප්‍රදේශයේයි.

ඔවුන්ට පසුගිය පෙබරවාරි 28 වැනිදා සිය නිවෙස් අතහැර යන්නට සිදු වන්නේ අනවසර පදිංචිකරුවන් වීම හේතුවෙන්.

නමුත් වෙනත් කිසිදු විකල්පයක් නොමැති ඔවුන්ට සිදු ව ඇත්තේ රක්ෂිතයේම විශාල ගස් යට තාවකාලික පොලිතීන් ආවරණයක් තුළ දිවි ගෙවීමටයි.

මෙම පවුල් හතරෙහි දරුවන් 10 දෙනෙක් සිටින අතර, ඔවුන් අතරින් දරුවන් හත්දෙනෙක්ම පාසල් යන වයසේ පසු වුවද ඔවුන් මේ වන විට පාසල් නොයන බව මව්පියන් අප සමග පැවසුවා.

මෙම පිරිස වික්ටෝරියා රක්ෂිත ප්‍රදේශයේ පදිංචි වී ඇත්තේ වසර 25කටත් පෙරයි.

එහි ඉදිකර තිබූ නිවාස සඳහා විදුලිය සහ නල ජලය ද ඔවුන් ලබා ගෙන තිබුණා.

අනවසර පදිංචිකරුවන් ලෙස සලකා ඔවුන් නීත්‍යානුකූලව ඉවත් කරන්නේ එවන්
පසුබිමකයි.

තමන් වෙනුවෙන් යම් හෝ සාධාරණයක් ඉටු කරන්නැයි ඔවුන්ගේ එකම ඉල්ලීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40
Video thumbnail
වෙනස්ම සුභ පැතුමක් දුන්න ගම්මන්පිල.."සුභවේවා කිව්ව පමණින් සුභ වෙන්නේ නෑ"
01:11
Video thumbnail
මල් වෙ#වලින් මුළු අහසම වර්ණවත් වුණ ගාලුමෝදර..මිනිස්සු ජය ඝෝෂා නගමින් නව අවුරුද්ද පිළිගයි
00:58
Video thumbnail
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම දෙවිඳුගෙන් ආශීර්වාද ලබා ගන්න එයි
01:13
Video thumbnail
බෙන්තර සංචාරක කලාපයේ 2026 අලුත් අවුරුඩදු උදාව සමරපු හැටි
01:21


?