මහවැලි අධිකාරියේ වරදින් රූස්ස ගස් යට දිවිගෙවන පවුල් හතරක්

මහවැලියට අයත් වික්ටෝරියා රක්ෂිත ප්‍රදේශයක පදිංචිව සිටි පවුල් හතරක සාමාජිකයින්ට දැනට මාසයකට ආසන්න කාලයක සිට ගස් යට දිවි ගෙවීමට සිදුව ඇති බව දසත නිවුස් අපට වාර්තා වුණා.

අනවසරයෙන් වැව් රක්ෂිතයේ පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කිරිමට මහවැලි අධිකාරිය ගත් තීරණය හේතුවෙන් ඔවුන්ට මෙලෙස ගස් යට දිවි ගෙවන්නට සිදුව තිබෙනවා.

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුරගේවත්ත ප්‍රදේශයේ පවුල් හතරක සාමාජිකයින් මීට පෙර පදිංචිව සිටියේ මහවැලියට අයත් වික්ටෝරියා රක්ෂිත ප්‍රදේශයේයි.

ඔවුන්ට පසුගිය පෙබරවාරි 28 වැනිදා සිය නිවෙස් අතහැර යන්නට සිදු වන්නේ අනවසර පදිංචිකරුවන් වීම හේතුවෙන්.

නමුත් වෙනත් කිසිදු විකල්පයක් නොමැති ඔවුන්ට සිදු ව ඇත්තේ රක්ෂිතයේම විශාල ගස් යට තාවකාලික පොලිතීන් ආවරණයක් තුළ දිවි ගෙවීමටයි.

මෙම පවුල් හතරෙහි දරුවන් 10 දෙනෙක් සිටින අතර, ඔවුන් අතරින් දරුවන් හත්දෙනෙක්ම පාසල් යන වයසේ පසු වුවද ඔවුන් මේ වන විට පාසල් නොයන බව මව්පියන් අප සමග පැවසුවා.

මෙම පිරිස වික්ටෝරියා රක්ෂිත ප්‍රදේශයේ පදිංචි වී ඇත්තේ වසර 25කටත් පෙරයි.

එහි ඉදිකර තිබූ නිවාස සඳහා විදුලිය සහ නල ජලය ද ඔවුන් ලබා ගෙන තිබුණා.

අනවසර පදිංචිකරුවන් ලෙස සලකා ඔවුන් නීත්‍යානුකූලව ඉවත් කරන්නේ එවන්
පසුබිමකයි.

තමන් වෙනුවෙන් යම් හෝ සාධාරණයක් ඉටු කරන්නැයි ඔවුන්ගේ එකම ඉල්ලීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27