මහරගම නගර සභාව උණුසුම් වෙයි

මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේ දී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා විසින් උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දී තිබේ.

පාන් කැබැල්ලෙන් පහර දීමත් සමඟ අද (06) පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමඟ එය පාලනය කිරීමට සභාපති ටිරාජ් ලක්රුවන් මහතා සභාව විනාඩි පහකට කල් තැබීමටද කටයුතු කළේය.

ප්‍රසම්පාද ක්‍රියාවලියෙන් බැහැරව නගර සභාවේ උප සභාපතිවරයා වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිටියදී චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උප සභාපති සුනිල් පියරත්න මහතා අදහස් දැක්වීමට යාමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත් , උප සභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත් පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතර තුරදී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උප සභාපතිවරයාට පහර දුන්නේය.

එම අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීමට මන්ත්‍රීවරුන්ට මැදිහත්වීමට සිදුවුණි

https://youtu.be/-AgOX4L8C4k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41