මහරගම අපේක්ෂා රෝහලට ලබාදෙන තැඹිලි දානය සීමා කෙරේ

ජාතික පිළිකා රෝහලේ (මහරගම අපේක්ෂා රෝහල) නේවාසික රෝගීන් සඳහා දිනපතා සංවිධානය කරන තැඹිලි දානමය වැඩසටහන් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මතුව ඇති සෞඛ්‍යාරක්ෂිත සහ ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, එම ක්‍රියාවලිය සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය මෙලෙස පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිරීක්ෂණ සහ විශේෂඥ වෛද්‍යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රෝහල් කමිටුව සමඟ පුළුල් සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

පෙර පැවති මෙම වැඩසටහන්වල දී මුව ආවරණයක් හෝ කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් පිටස්තර පුද්ගලයින් වාට්ටු තුළට ඇතුළු වී ඇති බව ද එම රෝහල පවසනවා.

එමෙන්ම රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද ගැටලුවක් වී ඇති බව ද ජාතික පිළිකා රෝහල පෙන්වා දෙනවා.

රෝහලට දිනකට අවශ්‍ය වන තැඹිලි ගෙඩි ප්‍රමාණය 100ක් 200ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, පරිත්‍යාගශීලීන්ට එම ප්‍රමාණය පමණක් ආහාර ඇගයීම් නිලධාරී හරහා රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙට ලබාදීමට අවසර ලබා දී ඇති බවයි එම රෝහල නිවේදනය කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55