මහනුවර රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී බරපතල තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාළ පුදගලයා ඊයේ (12) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 71 ක් වූ හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැඟිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව මහනුවර පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?