මහනුවර නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කෙරේ – පදික වෙළඳුන්ගෙන් විරෝධයක්

මහනුවර මහ නගර සභාව පෙර දැනුම් දී තිබූ පරිදි එම නගරයේ අනවසර පදික වෙළෙන්දුන් ඉවත් කිරීමේ කටයුතු අද ()2) උදෑසන ආරම්භ කෙරුණා.

මහනුවර නගරයේ මෙන්ම පේරාදෙණිය හා කටුගස්තොට නගරවලද අනවසර ඉදිකිරීම් ලෙස පවත්වාගෙන යනු ලබන පැදීම වෙළඳසැල් ඉවත් කිරීම් සිදු කෙරෙන බවයි නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පදික වෙළෙදුන් යම් විරෝධයක් දක්වමින් කියා සිටියේ වසර ගණනාවක සිට තම ජීවනෝපාය බවට පත්ව තිබුණේ මෙම පදික වේදිකා වෙළඳාම බවත්, මෙම ස්ථානයෙන් ඉවත් කරන්නේ නම් ඊට සුදුසු ස්ථානයක් ලබා දිය යුතු බවයි.

බෝගම්බර ප්‍රදේශයේ යම් ස්ථානයක් ලබා දී ඇතත් එම ස්ථානයේ ජනාකීර්ණ නොවන බැවින් තම ව්‍යාපාරික කටයුතු සිදු කළ නොහැකි බවද ඔවුහු සඳහන් කළා.

කෙසේ වෙත්ත එල්ල වූ විරෝධය හමුවේ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් හා නගර සභාවේ නිලධාරීන් එක්ව අනවසර වෙළෙදුන් ඉවත් කිරීම සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
5
+1
16
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?