මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 22 ජල කප්පාදුවක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (08) දිනයේ පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව හෙට (08) පෙරවරු 6.00 සිට පසුදින (09) පෙරවරු 4.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ,

අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය), වේගිරිය, පල්ලෙමුල්ල නව / පැරණි, යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය, මැදවල (පැරණි ) සේවා ජලාශය, කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙලඹුගහවත්ත, නුගවෙල, බලනගල, මැදවල (නව) සේවා ජලාශය, ගලගෙදර, මාවතගම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !